Posts

නර්ථන කලාවේ ⁣ඉතිහාසය යුග පිලිවෙලට

Image
 නර්ථන කලාවේ ⁣ඉතිහාසය යුග පිලිවෙලට නර්තන කලාවේ ඉතිහාසය ශි ෂ්ට සම්පන්න සමාජයක්‌ බිහිවීමේ සමාරම්භක මොහොත විජයාවතරණයත් සමඟ සිදුවූ අතර අනතුරුව ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ආරම්භය අනුරාධපුර යුගය හරහා සිදුවේ. විජයගේ ලංකා ගමනයට ප්‍රථමව මෙරට නොයෙකුත් අවධීන් තුළ විවිධ ගෝත්‍රික කණ්‌ඩායම් ජීවත් වී ඇති අතර ප්‍රාග් ඓතිහාසික ජනයා ජීවත් වූ යුගයන් ද දක්‌නට ලැබේ. එහෙත් කුමන ආකාරයකට හෝ ශිෂ්ටත්වයෙන් යුත් සමාජ පසුබිමක්‌ බිහිවීම සිදුවනුයේ විජයගේ ආගමනයක්‌ සමඟ බිහිවන අනුරාධපුර යුගය ඇසුරෙනි. දේශපාලනික, ආර්ථික, සමාජීය, ආගමික, සංස්‌කෘතික යනාදී අංශයන්ගේ පැහැදිලි සංවර්ධනයක්‌ දැකගත හැකිවනුයේ මේ යුගයෙන් ඇරඹෙන ජන සමාජය හරහාය. ඕනෑම ශිෂ්ටාචාරයක ප්‍රධාන ස්‌ථානයක්‌ එතුළ අන්තර්ගතව පවතින සංස්‌කෘතියට හිමිවී තිබෙන බව නොරහසකි. සංස්‌කෘතිය යනු එම ශිෂ්ටාචාරයේත්, ශිෂ්ටාචාරය තුළ ජීවත් වන්නා වූ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබිඹු කෙරෙන කැඩපතයි. ලාංකේය ජන සමාජ තුළ ද එලෙස පැතිරී පැවැති උසස්‌ මට්‌ටමේ ඇගයීමට ලක්‌කිරීමට හැකි සංස්‌කෘතියක්‌ මුල්බැසගෙන පැවතුණි. එලෙස මුල් බැසගනු ලැබූ සංස්‌කෘතියේ එක්‌ අවියෝජනීය අංගයක්‌ වශයෙන් කලාව ඉතා උ...

දිග්ගෙයි නර්ථනය

Image
... දිග්ගෙයි නර්ථනය... ඉපැරණි සිංහල නර්තනය වූ කලී පුරුෂයින්ට ම පමණක්‌ ආවේණික වූවකි. වර්තමානයේ ස්‌ත්‍රීහු ද ප්‍රමුඛත්වයේ ලා ගැනුණ ද එය අතීතයේ ස්‌ත්‍රීන්ට අතිශයින් ම අකැප විය. එය කෙතරම් දුරට බලපැවැත් වූයේ ද යත් නර්තනයේ දී මතු නොව කෝලම් සහ නාඩගම් වැනි ජන නාට්‍ය ආශ්‍රිත ස්‌ත්‍රී චරිත පවා නිරූපණය කළේ පිරිමින් ම විසිනි. එහෙත් ස්‌ත්‍රීන්ට ම පමණක්‌ ආවේණික ලංකාවේ එකම නර්තන ක්‍රමය වූයේ දිග්ගෙයි නර්තනය යි. සබරගමු මහ සමන් දේවාලයේ වසර සත්සියයක්‌ පමණ අඛණ්‌ඩව පවත්වාගෙන එන ලද මෙම චාරිත්‍ර ක්‍රමය අවසන් වරට එහි රඟ දක්‌වා තිබුණේ ක්‍රි.ව 1948 දීය. එම නෘත්‍යාංගනාවෝ බ්‍රාහ්මණරාල කාව්‍ය මලවරන්නැහැලාගේ නම් වූ පෙළපත් නාමය දැරූ යථෝක්‌ත අංගනාවෝ රත්නපුර, ඕපනායක, හුණුවල විසූ නෝනාහාමි, රම්මල්හාමි සහ ඩිංගිරි මැණිකේ යන හුණුවල මාණික්‍යමහගේලා වෙති. දෙවොලේ ආරම්භය සබරගමු මහ සමන් දේවාලය දඹදෙණි රාජ්‍ය කළාවූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් (ක්‍රි.ව( 1226-71) කරවන ලද්දකි. ඔහුගේ අමාත්‍යවරයකු වූ ආර්යකාමදේව සත් සියයක්‌ සෙනඟ සමඟ රත්නපුරයේ මැණික්‌ කැණීමට පැමිණි කල මැණික්‌ ලැබුණහොත් තෙමහල් දෙවොලක්‌ තනව...

කොහොඹා කංකාරියේ සැඟවුනු තොරතුරු

Image
 කොහොඹා කංකා­රියේ සැඟ­වුණු තොර­තුරු ලංකාවේ යාගහෝම හා නැටුම් කලාවේ ආරම්භය ගැන කියන රසවත් කතා පුවතක් කොහොඹා කංකාරියේ එයි. පළමුව ඒ පුවත කෙටියෙන් බලමු. ලංකාවේ යක්ෂ බලය මැඬ එදා සිටි යක්ෂ රැජිණ වූ කුවේණී පාවාගෙන යක්ෂයන් වනසා ලංකාවේ පළමු රජු බවට පත්වූයේ වයඹදිග ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරුය. විජය ලංකාවට ආවේ ක්‍රි. පූ. 543 දීය. කලක් යන විට විජය රජුට දාව කුවේණී ජීවහත්ථ - දිසාල යනුවෙන් දරු දෙදෙනකු ලබා ඇත. ලංකාවේ රාජ්‍යත්වය ලබා ගැනීමට දකුණු ඉන්දියාවේ පඬිරට රාජ කුමාරිකාවක් පාවා ගන්නා ලෙස ඇමැතිවරු විජය රජුට බල කළහ. ඊට එකඟ වූ විජය කුවේණි හා දරු දෙදෙන රජවාසලෙන් නෙරපුවේය. යක්ෂයින් වැනසීමට කුවේණී විජයට උදවු කළ බැවින් ඉතිරි ව සිටි යක්ෂයෝ ඇයට වෛර කළහ. කුරුණෑගල නුදුරු යක්දෙස්සාගල කඳු මුදුනට ගිය කුවේණී - විජය ඇතුළු ආර්ය රාජ පරපුරට තදින් ශාප කොට එයින් බසින විට යක්ෂයෙකුගේ පහරකින් ඈ මළාය. කුවේණී ආර්ය රජුන්ට ශාප කළ කඳු මුදුන අදත් “ළතෝනිගල” නමින් හැඳින්වෙයි. මවගේ මරණයෙන් පසු ජීවහත්ථ හා දිසාල සමනළ අඩවියට පලා ගොස් සැඟවුණේය. මහාවංශය අනුව වැද්දන් පැවත එන්නේ ජීවහත්ථ හා දිසාලගෙනි. (ඓතිහාසික ව මේ කරුණ වැරදිය.) ව...

ශබ්ද පූජාවේ අනුසස්....🙏

 ශබ්ද පූජාවේ අනුසස්...🙏 බෞද්ධයන් කරන පින්කම් වලින් ශබ්ද පූජාව ද එකකි. එය මහත් පින්කම්වලට තිබිය යුතු ම අංගයක් ලෙස බොහෝ බෞද්ධයෝ සළකති. ඒ ශබ්ද පූජාව ඉතා අතිතයේ පටන්ම කැරුණු බව පිටකත්‍රයෙන් හා අටුවාවලින් ද වංශකථාවලින් ද පෙනේ. ප්‍රාතිහාර්යයෙන් බුදුරදුන් වඩනා කල්හි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදී තූර්ය භාණ්ඩ වලින් ඉබේම නාදය නගින්න පටන් ගන්නා බව ද බොහෝ පොත්වල කියා තිබේ. එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය. එහෙත් මේ ශබ්ද පූජාව තථාගතයන් වහන්සේ වර්ණනා කළ තැනක් පිටකත්‍රයෙහි දක්නට නැත. ශබ්ද පූජාවේ අනුසස් ද තථාගතයන් වහන්සේ විසින් වදාළ තැනක් දක්නට නැත. පින්කම්වල අනුසස් දක්වා ඇති අපදාන විමානවත්ථු ආදී ග්‍රන්ථවල මල් පූජා ආහාර පූජ වස්ත්‍ර පූජා කිරීමෙන් නොයෙක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කථා ඇත්තේ ය. ඒවායේ ද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කථා දුර්ලභ ය. අපදාන පාළියෙහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කථා දෙක තුනක් දක්නා ලැබේ. ඒවා ද බෝධිවලට ශබ්ද පූජා කිරීම පිළිබඳ කථාය. අත්ථදස්සී බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒකාසනීය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්ව සිට සියළු තූර්ය භාණඩයන් ගෙන සිය පිරිස ද සමඟ ඒ ...