නර්ථන කලාවේ ඉතිහාසය යුග පිලිවෙලට

නර්ථන කලාවේ ඉතිහාසය යුග පිලිවෙලට නර්තන කලාවේ ඉතිහාසය ශි ෂ්ට සම්පන්න සමාජයක් බිහිවීමේ සමාරම්භක මොහොත විජයාවතරණයත් සමඟ සිදුවූ අතර අනතුරුව ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ආරම්භය අනුරාධපුර යුගය හරහා සිදුවේ. විජයගේ ලංකා ගමනයට ප්‍රථමව මෙරට නොයෙකුත් අවධීන් තුළ විවිධ ගෝත්‍රික කණ්‌ඩායම් ජීවත් වී ඇති අතර ප්‍රාග් ඓතිහාසික ජනයා ජීවත් වූ යුගයන් ද දක්‌නට ලැබේ. එහෙත් කුමන ආකාරයකට හෝ ශිෂ්ටත්වයෙන් යුත් සමාජ පසුබිමක් බිහිවීම සිදුවනුයේ විජයගේ ආගමනයක් සමඟ බිහිවන අනුරාධපුර යුගය ඇසුරෙනි. දේශපාලනික, ආර්ථික, සමාජීය, ආගමික, සංස්‌කෘතික යනාදී අංශයන්ගේ පැහැදිලි සංවර්ධනයක් දැකගත හැකිවනුයේ මේ යුගයෙන් ඇරඹෙන ජන සමාජය හරහාය. ඕනෑම ශිෂ්ටාචාරයක ප්‍රධාන ස්‌ථානයක් එතුළ අන්තර්ගතව පවතින සංස්‌කෘතියට හිමිවී තිබෙන බව නොරහසකි. සංස්‌කෘතිය යනු එම ශිෂ්ටාචාරයේත්, ශිෂ්ටාචාරය තුළ ජීවත් වන්නා වූ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබිඹු කෙරෙන කැඩපතයි. ලාංකේය ජන සමාජ තුළ ද එලෙස පැතිරී පැවැති උසස් මට්‌ටමේ ඇගයීමට ලක්‌කිරීමට හැකි සංස්‌කෘතියක් මුල්බැසගෙන පැවතුණි. එලෙස මුල් බැසගනු ලැබූ සංස්‌කෘතියේ එක් අවියෝජනීය අංගයක් වශයෙන් කලාව ඉතා උ...